Couple Suicide in Embilipitiya

පෙම් යුවලක් පාළු කාමරයකදී පුජනිය ප්‍රේමය අහවර කරයි
වයස අවුරුදු 18ක පිරිමි ළමයෙකු සහ 15 හැවිරිදි ගැහැණු ළමයෙකු රත්නපුර - කොළොන්න - මඩුවන්වෙල ප්‍රදේශයේ පාළු නිවසක කාමරයක් තුළ ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා. පොලිසිය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අද (09) උදෑසන ඔවුන්ගේ සිරුරු සොයා ගැණුනා.

තම ප්‍රේම සම්බන්ධතාවට දෙමාපිය විරෝධය එල්ල වීම හේතුවෙන් ඔවුන් මෙලෙස දිවි නසා ගෙන ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ. 

18 හැවිරිදි පිරිමි ළමයා පාසල් නොයන අතර, 15 හැවිරිදි දැරිය ප්‍රදේශයේ පාසලක සිසුවියක්. තරුණ පෙම් යුවල මීට පෙර නිවසින් පලාගොස් ඇති අතර පොලිසිය මැදිහත්වීමෙන් නැවත ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙනවිත් තිබෙනවා. ඉන් පසුවයි නැවතත් ඔවුන් ඊයේ රාත්‍රියේ නිවෙස්වලින් පලාගොස් සියදිවි හානිකරගෙන ඇත්තේ.

Two Teenage Rapists Caught in Wanathawilluwa

වනාතවිල්ලුවේ රංචු ගැසී ස්ත්‍රි දූෂණ කරන 14,16 කාමුක පැටව් දෙන්නා
වනාතවිල්ලුව, වට්ටක්කණ්ඩල් ප්‍රදේශයේ වයස අවුරුදු 14ක දැරියක් බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීම හා රංචු ගැසී ස්ත්‍රි දූෂණය සිදු කිරීමේ වරදට සැකපිට බාල වයස්කාර සැකකරුවන් දෙදෙනෙකු පසුගිය දිනෙක වනාතවිල්ලුව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබුණි.

මෙසේ පොලිස් අත් අඩංගුවට පත්ව තිබුණේ වට්ටකණ්ඩල් ඉස්මයිල්පුරම් ප්‍රදේශයේ පදිංචිකාර වයස අවුරුදු (16) හා (14) වයස් කාණ්ඩවල පසුවන බාල වයස්කාරයන් දෙදෙනෙකු බව පොලිසිය සදහන් කරයි.

වයස අවුරුදු 14 වියේ පසු වන පාසල් නොයන දැරියක් මෙසේ බරපතල ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව කියයි. වින්දිත දැරිය තම ආච්චි අම්මාගේ රැකවරණය මත ජීවත් වන අතර දැරියගේ මව කුඩා අවදියේම මියගොස් ඇති අතර, දැරියගේ පියා වෙනත් විවාහයක් සිදු කර ගෙන ඇති බව කියයි.

අදාල විනන්දිත දැරිය නිවසේ ආච්චි අම්මා සමඟ නිවසේ සිටියදී (6) වන දින අළුයම අදාල බාලවයස්කාරයින් දෙදෙනා විසින් දැරියව බරපතල ලිංගික අපයෝජනයයට ලක් කිරීම හා රංචු ගැසී කිහිප වතාවක්ම ස්ත්‍රි දූෂණය සිදු කර ඇති බවත්, පසුව දැරිය විසින් පවුලේ ඥාතියෙකුට කල දැණුම් දීමකින් පසු වනාතවිල්ල පොලිසිය මගින් සැකකාර බාල වයස්කාරයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අද (08) දිනයේ පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර, දැරිය පුත්තලම මූලික රෝහලේ වැඩිදුර ප්‍රතිකාර කටයුතු සදහා නේවාසිකව රදවා ඇති බව පුත්තලම රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

Gossip Lanka News

මිනිසුන් සිප ගන්නේ ඇයි?ඔබ කිසිදා නොඇසූ හේතුව මෙන්න!!

ලොව බොහෝ සංස්කෘතීන් වල මිනිසුන් සිය ප්‍රේමාන්විත හැඟීම් ප්‍රකාශනය සඳහා දෙතොල් සිප ගැනීම සිදු නොකරන බව නව අධ්‍යනයකින් හෙළි වී තිබේ.

සත්ව ලෝකයේ දෙතොල් සිප ගැනීම ඉතාමත්ම දුර්ලභ අතර සිප ගැනීමෙන් වරකට මිලියන අසූවකට අධික හිතකර මෙන්ම අහිතකර බැක්ටීරියා ඛේටය සමග හුවමාරු වෙයි.එසේ නම් බොහෝ මිනිසුන් දෙතොල් සිප ගන්නේ ඇයි?

සිප ගැනීමට පාදක වන විද්‍යාත්මක හේතු කවරක් වුවත් ප්‍රේමවන්තයින්ට සිය පළමු සිප ගැනීම ජීවිතයේ අමතක නොවන සුන්දර මතකයක්!

දෙතොල් සිප ගැනීම බොහෝ යුරෝපීය සමාජ වල ස්ථාපිත ප්‍රේමනීය හැසිරීමක් වශයෙන් සලකනු ලැබුවද ඇතැම් සංස්කෘතීන් දෙතොල් සිප ගැනීම ඉතා අප්‍රසන්න ජනක හැසිරීමක් ලෙස සලකා බැහැර කරයි.

සංස්කෘතික බලපෑම

නව අධ්‍යනය මගින් නිරීක්ෂණයට ලක් කරන ලද සංස්කෘතීන් 168න් දෙතොල් සිප ගැනීම සිදු කරනු ලබන්නේ ඉන් 40% ක ප්‍රමාණයක් පමණි.අධ්‍යනය මගින් හෙළි කරගත් මෙම නව කරුණත් සමගම යුරෝපීය සහ අනෙකුත් බොහෝ සංස්කෘතීන් තුළ ස්ථාපනය වී තිබූ දෙතොල් සිප ගැනීම ලොව පුරා පෙම්වතුන් විසින් සිදු කරනු ලබන පොදු හැසිරීමක්ය යන මතය බැහැර විය.

දඩයම් කිරීමෙන් ජීවත් වන බොහෝ ගෝත්‍රික සංස්කෘති වල දෙතොල් සිප ගැනීම කිසිසේත්ම සිදු නොවන අතර එය ඉතා අප්‍රසන්න සහගත හැසිරීමක් වශයෙනුයි එම ගෝත්‍රිකයන් සලකන්නේ.

දෙතොල් සිප ගැනීමේ ඇරඹුම

වසර 3500කට වඩා පැරණි හින්දු සංස්කෘතික ලේඛනයක දෙතොල් සිප ගැනීම සම්බන්ධයෙන් ලියවී ඇති අතර මෙම ලේඛනය දෙතොල් සිප ගැනීම සම්බන්ධයෙන් වූ පැරණිම ලිඛිත සාධකයයි.

එම පැරණි සංස්කෘත ලේඛනයට අනුව දෙතොල් සිප ගැනීම හඳුන්වා ඇත්තේ සිය ආත්මය ප්‍රේමවන්තයා සමග හුවමාරු කර ගැනීමක් වශයෙනි.
මීට අමතරව ඊජිප්තුවේ ඉතා ඉපැරණි චිත්‍ර වල දැක්වෙන්නේ දෙතොල් සිප ගැනීමකට වඩා ගැහැණු රූප සහ පිරිමි රූප එකිනෙකා දෙස ලංව බලමින් මුහුණු එකිනෙකාට ආසන්නව තබා ගෙන සිටින ආකාරයයි.

වානරයා ගෙන් පැවත එන මනුෂ්‍ය වර්ගයාගේ මෙම කුතුහලය දනවන හැසිරීම සම්බන්ධ අධ්‍යනය ආරම්භ කිරීමට සුදුසුම ආකාරය, වානර වර්ගයේ චිම්පන්සීන්ගේ හැසිරීම නිරීක්ෂණය කිරීමයි.චිම්පන්සීන්ගේ හැසිරීම අධ්‍යනය කළ ජෝර්ජියාවේ ඉමොරි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ෆ්‍රාන්ස් ඩි වාල් පවසන්නේ චිම්පන්සීන් සිය සහකරු හෝ සහකාරිය සමග සිප ගැනීම මෙන්ම වැළඳ ගැනීමද සිදු කරන බවයි.

ඔහු වැඩි දුරටත් කියා සිටින්නේ චිම්පන්සීන් අතර සිප ගැනීම දැක ගත හැකි වුවද වෙනත් කිසිදු සත්ව කොට්ඨාශයක මෙම හැසිරීම දැක ගත නොහැකි බවයි.
මිනිසුන් අතර පවතින දෙතොල් සිප ගැනීම පිටුපස ඇති විද්‍යාත්මක හේතුව වශයෙන් අධ්‍යනය විසින් පෙන්වා දෙන්නේ සිය සහකරුවා තෝරා ගැනීමේ දී සහ ඔහු හෝ ඇය සමග ලිංගික එක් වීමකට පෙර එම පුද්ගලයාට තමන් කැමතිද යන්න තීරණය කිරීමට එම පුද්ගලයාගේ දහදියෙන් නිකුත් වන ගන්ධය උපයෝගී වන අතර සිප ගැනීම තුළින් සහකරු හෝ සහකාරියගේ සුවඳ ආග්‍රහණය කිරීමට ඉතා පහසු ඉඩ කඩක් ලබා දීමයි.

ආකර්ශනීය සුවඳක්

ගැහැණු සහ පිරිමි යන දෙපාර්ශවයම ප්‍රජනන කාර්යයට සිය සිරුර සුදානම් සරු කාලයන්හිදී නිකුත් කරන හෝමෝන මගින් තමන් වෙතින් නිකුත් වන දහඩියට ආකර්ශනීය සුවඳක් එක් කරන බව හෙළි වී තිබේ.

එම දහදිය සුවඳ ආග්‍රහණය කරන සහකරු හෝ සහකාරිය එම පුද්ගලයාට ආකර්ෂණය වීමේ වැඩි ප්‍රවනතාවක් ඇති බවයි අධ්‍යනය මගින් පෙන්වා දෙන්නේ.විද්‍යාත්මක පැහැදිලි කිරීමට අනුව සිප ගැනීම තුළින් සිදු කරන්නේ සහකරුවන්ට එකිනෙකාගේ සුවඳ ආග්‍රහණය කිරීමට ඉඩ සැලසීම පමණක් නම් මෙම හැසිරීමට පාදක වන අනෙක් ප්‍රබල හේතුව කුමක්ද?

නව අධ්‍යනය පෙන්වා දෙන්නේ දෙතොල් සිප ගැනීම මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මට අත්‍යවශ්‍ය නොවන ඇතැම් සංස්කෘතීන් විසින් පරපුරෙන් පරපුරට ගෙන යන ප්‍රේමනීය හැසිරීමක් වන බවයි.